උණුසුම් පුවත්දේශීය

බොගවන්තලාවේදී බස් අනතුරක්. පාසල් සිසුන් 34ක් රෝහලේ

අද (28) උදෑසන 7:30 ට පමණ රාණිකඩු ප්‍රදේශයේ සිට බොගවන්තලාව පාසල් වෙත සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පාසල් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසි යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් බව ප්‍රාථමික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. තත්වය පාලනය කිරීමට උත්සාහ කළ රියදුරු, බස් රථය ප්‍රධාන මාර්ගයේ බැම්මකට හරවා හානිය අවම කිරීමට උත්සාහ කර ඇති බවද සඳහන් වනවා.

තුවාල ලැබූ සිසුන් වහාම බොගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසුන් 4 දෙනෙකු දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. වාර්තා අනුව, රෝහල්ගතව සිටින බොහෝ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සතුටට කරුණක්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොගවන්තලාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.

 

Shares: