ගන්දර පොලිස් වසමට අයත් දෙවුන්දර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් අසල අද (21) මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අධිවේගයෙන් පැමිණි අළු පැහැති මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් වෙඩි ප්‍රහාරය එල්ල කර ස්ථානයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ. මෙම වෙඩි තැබීම සඳහා 9mm වර්ගයේ තුවක්කු දෙකක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රහාරයේ හේතුව අනාවරණය කිරීම සඳහා විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වනවා










