ඉතිහාසය සහ ආගමික වටිනාකම් එකට බැඳුණු අනුරාධපුර පූජා නගරය ප්‍රදේශයෙන් සැකසහිත හමුවීමක් වාර්තා වනවා.
බසවක්කුලම වැව වැව් පිටියේ වළදමා තිබූ 9mm වර්ගයේ ජීව උණ්ඩ විස්සක් (20) සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
මෙම තොරතුර හෙළිව ඇත්තේ වැව අවට මල් කැඩීම සඳහා ගිය පුද්ගලයෙකු විසින් ලබාදුන් දැනුම්දීමක් මතය. ඒ අනුව අනුරාධපුර පොලිසිය වහාම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම උණ්ඩ වළදමා තිබූ ආකාරය සහ ඒවා එම ස්ථානයට ගෙනා හේතුව පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
ඉතිහාසික සහ ආගමික වටිනාකම් රැසක් පවතින ප්‍රදේශයක මෙවන් හමුවීමක් වාර්තා වීම ප්‍රදේශවාසීන් අතර කුතුහලය හා අවධානයට හේතු වී තිබෙනවා.










