ඉරාන–ඊශ්‍රායල ගැටුම ආරම්භ වූ දා සිට “යුරේනියම් බලගැන්වීම” (Uranium Enrichment) යන පදය ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල සහ සමාජ මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම Benjamin Netanyahu මහතා මෑතකදී කළ ප්‍රකාශයකින් පසුව එය නැවතත් උණුසුම් මාතෘකාවක් වී තිබුණා.
ඔහු පවසන්නේ, Iran වසර ගණනාවක් තිස්සේ යුරේනියම් බලගැන්වීම් සිදු කරමින් සිටින බවත්, වර්තමානය වන විට න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට “ආසන්න” මට්ටමක පවතින බවත් ය.
එම ප්‍රකාශයෙන් පසු Israel විසින් ජූනි 13 වනදා ඉරානයට හදිසි ප්‍රහාරයක් දියත් කළ බව වාර්තා වුනා. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද ප්‍රති-මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර, දෙපාර්ශව අතර ගැටුම උග්‍ර වුණා.
මෙම තත්ත්වය අතරතුර, එක්සත් රාජධානිය ද එක් අවස්ථාවකදී සෘජුව සම්බන්ධ වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලා.
යුරේනියම් බලගැන්වීම යනු කුමක්ද?
යුරේනියම් ස්වභාවිකව ලැබෙන විට එහි “U-235” නම් අංශු ප්‍රමාණය ඉතා අඩුය (සම්භාව්‍යයෙන් 0.7% පමණ). න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සඳහා එම ප්‍රමාණය වැඩි කළ යුතුය.
මෙම ක්‍රියාවලිය “යුරේනියම් බලගැන්වීම” ලෙස හඳුන්වයි.
* 🔹 විදුලි ජනනය සඳහා – 3% – 5% පමණ
* 🔹 පර්යේෂණ රියැක්ටර් සඳහා – 20% පමණ
* 🔴 න්‍යෂ්ටික බෝම්බයක් සඳහා – 90%ට වඩා
විශේෂඥයන් පවසන්නේ, 90%ට අධික මට්ටමක් “ඉහළ බලගැන්වූ යුරේනියම්” ලෙස සලකන බවයි.
වර්තමාන තත්ත්වය
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) මාර්තු මාසයේ නිකුත් කළ වාර්තාවකට අනුව, ඉරානය මේ වන විට 60% දක්වා යුරේනියම් බලගන්වා ඇති බවට වාර්තා වෙනවා.
මෙය න්‍යෂ්ටික අවියක් සඳහා අවශ්‍ය 90% මට්ටමට වඩා අඩු වුවද, එයට ආසන්න වන තාක්ෂණික හැකියාවක් සතු බවයි විශ්ලේෂකයින් ගේ අදහසයි.
ඉරානයේ ස්ථාවරය
ඉරානය ප්‍රකාශ කරන්නේ තමන් කිසිදු න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය නොකරන බවත්, න්‍යෂ්ටික බලශක්තිය විදුලි ජනනය වැනි සාමකාමී අරමුණු සඳහා පමණක් භාවිතා කරන බවත් ය.
එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ප්‍රශ්නය මෙසේය –
60% දක්වා බලගැන්වීම සාමකාමී අරමුණක් සඳහා පමණක්ද? නැතිනම් එය තවත් පියවරකට සූදානමක්ද?
“සාමකාමී” යන සීමාව කොතැනද?
යුරේනියම් 3–5% පමණක් බලගැන්වීම විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ය. 60% දක්වා ඉහළ දැමීම තාක්ෂණික වශයෙන් න්‍යෂ්ටික අවියක් සඳහා අවශ්‍ය මට්ටමට ළඟා වීමට ඉතා ඉක්මන් මාර්ගයක් බව විශේෂඥයින් පෙන්වා දෙන්නෙ.
ඒ නිසාම, “සාමකාමී” යන වචනය ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක අර්ථයක් ගන්නා අවස්ථාවක් බවට මෙහිදී පත්ව තිබේ.
සාරාංශය
යුරේනියම් බලගැන්වීම තාක්ෂණික ක්‍රියාවලියක් වුවද, එය භාවිතා කරන අරමුණ අනුව එය සාමකාමී බලශක්ති ව්‍යාපෘතියක් හෝ විනාශකාරී න්‍යෂ්ටික අවියක් බවට පත්විය හැක.
ඉරාන–ඊශ්‍රායල ගැටුමේ මූලික හේතුව ලෙස මෙය සලකනු ලබන අතර, ලෝකයම මේ පිළිබඳව අවධානයෙන් සිටියි.











