දේශීය

රජයේ යාන්ත්‍රණයක් තිබියදී පෞද්ගලික ලේකම් කෙනෙක් ඇයි?” – ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් දැඩි ප්‍රශ්න

රජයේ ඉඩම් පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවක් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

සංගමයේ සභාපතිවරයා පවසන්නේ,
“වාර්තා ඉල්ලනවා, සමහර දේවල්වලට තීන්දු තීරණ දෙන්න කියනවා. සමහර වෙලාවට ඉඩම් කොමසාරිස් ජනරාල් ලබාදුන් තීරණත් වෙනස් කරලා යවන්න කියනවා,” යනුවෙනි.

ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පෞද්ගලික ලේකම්වරයෙකුගේ ලිපි හරහා ඉඩම් කටයුතු මෙහෙයවීම නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැඩි අසීරුතාවක් ඇතිව ඇති බවයි.

“උදාහරණයක් විදිහට දෙපාර්ශවයක් අතර ඉඩම් ආරවුලක් තිබේ නම්, එක් පාර්ශවයකට පමණක් ලිපියක් ලබාදී ඇති අවස්ථාවක, එය රාජකාරිය දේශපාලනීකරණය වීමක් ලෙස චෝදනා එල්ල වීමක් සිදුවිය හැකියි,” යනුවෙනි.

එමෙන්ම, “රුක්මල්” නම් පුද්ගලයෙකු පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන බවට පවසන නමුත්, ඔහුගේ නිල තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලිභාවයක් නොමැති බවත් සංගමය අවධාරණය කර තිබුණා.

මෙම තත්ත්වය හේතුවෙන් ඉඩම් පරිපාලනයේ ස්වයංක්‍රීයතාවය හා නිදහස්භාවය පිළිබඳ ප්‍රශ්න මතුව ඇති අතර, රජයේ නිල ක්‍රමවේදයන් ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා

Shares: