දේශීය

තාවකාලික බලපත්‍ර සහිත රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍ර 400,000ක් නිකුත් කරයි

තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගෙන සිටි රියදුරන් 400,000කට මේ වනවිට ස්ථිර බලපත්‍ර නිකුත් කර ඇති බව ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ස්ථිර බලපත්‍ර කාඩ්පත් හිඟය හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ රියදුරු පරීක්ෂණය සමත් වූ පුද්ගලයන්ට තාවකාලික බලපත්‍ර නිකුත් කර තිබුණි. එම ක්‍රමය යටතේ බලපත්‍ර ලබාගත් සියලු දෙනාට මේ වනවිට ස්ථිර බලපත්‍ර ලබාදීම ආරම්භ කර ඇති බව රථවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කර තිබුණා.

ඉදිරි දිනවලදී තවත් ස්ථිර බලපත්‍ර 100,000ක් බෙදාහැරීමට සූදානම් කර ඇති අතර, අමතරව බලපත්‍ර කාඩ්පත් මිලියන 1ක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මිලදී ගැනීමේ කටයුතුද අවසන් කර ඇති බව වාර්තා වනවා.

මෙම පියවර හරහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාද ගැටළුවට තාවකාලික විසඳුමක් ලැබෙනු ඇති බව අපේක්ෂා කරනවා

Shares: