පුල්මුඩේ ප්‍රදේශයේ නීතිවිරෝධීව ඩීසල් වැඩි මිලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
පුල්මුඩේ පොලිස් නිලධාරීන් විසින් ලැබුණු තොරතුරක් අනුව ඊයේ (03) සවස සිදුකළ හදිසි වැටලීමකදී, බලපත්‍රයක් නොමැතිව වැඩි මිලට ඩීසල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් වැටලීම අතරතුර නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 390ක්ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ආර්ෆාත් නගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද (04) දින කුච්චවේලි මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වනවා.
ඉන්ධන හිඟය හා මිල ඉහළ යාම සමඟ මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට පොලීසිය දැඩි පියවර ගනිමින් සිටින බවද පොලිසිය සඳහන් කරනවා.










