ආසියානු සංවර්ධන බැංකුව සමඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකු (ADB) නිලධාරීන් අතර, අධ්‍යාපන අමාත්‍යංශයේදී “Human Resource Development for Education Project (HRDEP)” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙම සාකච්ඡාවේදී උසස් තත්ත්වයේ සහ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන ජ්‍යෙෂ්ඨ ද්විතීය අධ්‍යාපනය සංවර්ධනය කිරීම, ගුරුවරුන්ගේ වෘත්තීය හැකියාවන් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන කළමනාකරණය දියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු වී තිබුණා.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය වේගවත් කිරීමේදී තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කර කුසලතා සහිත මානව සම්පත් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබෙනවා. රටේ සමස්ත සංවර්ධනයට නායකත්වය දිය හැකි ශක්තිමත් මානව ප්‍රාග්ධනයක් ගොඩනැගීම රජයේ අරමුණ බවද ඇය තවදුරටත් සඳහන් කළා.
ADB පාර්ශ්වය ද රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අඛණ්ඩ සහාය ලබාදීමට කැපවී සිටින බව ප්‍රකාශ කළ අතර, ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් හා තාක්ෂණික දැනුම මඟින් සහාය දක්වන බවත් එතුමිය සඳහන් කළා.
මෙම හමුවට නාලක කලුවැව – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ADB නියෝජිතයින් සහ තාක්ෂණික විශේෂඥයින් සහභාගී වී තිබුණා.










