මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උණුසුම් වන අතර, ඊශ්‍රායල-ඉරානය යුද්ධය එරට ආර්ථිකයට දැඩි බලපෑම් ලබා දී තිබෙනවා. ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය සඳහන් කරන තරම්, සතියකට ෂෙකෙල් බිලියන 9 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.9) පමණ අලාභයක් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
හදිසි තත්ත්වය හේතුවෙන්:
* පාසල් වසා දැමීම
* සේවකයින්ගේ රැකියා සීමා කිරීම
* රක්ෂිත හමුදා කැඳවීම
වැනි ක්‍රියාමාර්ගයන් නිසා සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම් බොහෝ දුරට අඩාල වී තිබෙනවා.
ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ක්‍රියා මාර්ග හා “red alert” තත්ත්වය පවත්වා ගත් විට, සතියකට ආර්ථික අලාභය ෂෙකෙල් බිලියන 9.4 දක්වා ඉහළ යා හැකි බව අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සීමිත ක්‍රියාකාරකම් සහිත තත්ත්වයක (orange/red) පවතින විට, පාඩුව ෂෙකෙල් බිලියන 4.3 ක් පමණ වනු ඇත.
ඉරානයේ විප්ලවීය හමුදාව අනතුරු ඇඟවීමේදී, යුද්ධය තවදුරටත් පැවැත්වුනහොත් මැදපෙරදිග ආර්ථික යටිතල පහසුකම් සම්පූර්ණයෙන් විනාශ විය හැකි බව අවධාරණය කර තිබෙනවා.
ඊශ්‍රායල සහ එක්සත් ජනපදය පෙබරවාරි 28 වැනිදා ඉරානයට බෝම්බ පහර දුන් අතර, ඉරානය පළිගැනීමේ ප්‍රහාර රැල්ලක් ආරම්භ කිරීමෙන් මැදපෙරදිග තත්ත්වය දැඩි ආතතියක් මතුව තිබෙනවා.











