ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන්, ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය සහ අවි අඩංගු බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ සඳහා ගොඩබිමට රැගෙන යමින් පවතින බවයි. ජාතික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින්, නාවික හමුදාව දිවයින වටා ඇති සමුද්‍රීය ප්‍රදේශ හරහා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බවද නිවේදනය කර තිබෙනවා.










