බටහිර ආසියාවේ ඉහළ යන යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇෆ්ගනිස්ථාන සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කරන තිබෙනවා.
මාර්තු 13 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මෙම සංචාරය තුළ සාජා සහ ඩුබායි හරහා 20/20 තරග 3ක් සහ එක්දින තරග 3ක් සිදුවීමට නියමිතව තිබුණ නමුත්, මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආරක්ෂක තත්ත්වය, ගුවන් ගමන් බාධා සහ සංචාරක කාලසටහන්වල අවිනිශ්චිතතා නිසා, තරගාවලිය ඉදිරියට ගෙනයාම අවිනිශ්චිත බව තීරණය කරන වූවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය සහ අවශ්‍ය උපකරණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙනයාමත්, කණ්ඩායම් දෙපාර්ශ්වයන් අතර අන්‍යෝන්‍ය අවබෝධයකට පැමිණීමත් ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රීඩා කණ්ඩායම තවමත් ස්වදේශීය තරඟ සඳහා සූදානම් නැති බවද වාර්තා වනවා.
මෙම සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ පළමු නිල පැවරුම සඳහා විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැක.











