කාළගුණයදේශීය

අද දිනයේ උතුරු සහ නැගෙනහිරට වැසි – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

අද (11) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල සවස හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන් වේ.

ඒ අතරතුර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල බොහෝවිට වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි ද කාලගුණ අංශය අනාවැකි පළ කරයි.

තවද, පෙරවරුවේ මුල් පැය කිහිපයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල මීදුම් තත්ත්වයක් පවතිනු ඇති අතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලද එවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙනවා.

Shares: