දකුණු පළාතෙන් වාර්තා වන දුක්ඛිත සිදුවීමක් ලෙස, මාස 18ක් වයසැති ළදරුවෙකු දිවා සුරැකුම් මධ්‍යස්ථානය අසල පිහිටි පොකුණකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මියගිය දරුවා මැදමුලන කඩමඩිත්ත ප්‍රදේශයේ පදිංචි බවට හඳුනාගෙන තිබෙනවා.
වාර්තා අනුව, දරුවාගේ මව තම රැකියා ස්ථානයට යාමට පෙර දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට භාර දී තිබූ අතර, එම අවස්ථාවේදී දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම එම මධ්‍යස්ථානය වෙත පවරා තිබුණි.
පසුව, දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කළමනාකරු විසින් දරුවාගේ මවට මිද්දෙනිය කාරියමඩිත්ත රෝහලට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දී ඇති අතර, රෝහලට පැමිණි අවස්ථාවේදී දරුවා මධ්‍යස්ථානය අසල පිහිටි පොකුණකට වැටීමෙන් මියගොස් ඇති බව ඇයට දැනුම් දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කළමනාකරු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇඹිලිපිටිය පොලිසිය විසින් සිදුකරමින් පවතී.










