උණුසුම් පුවත්දේශීය

පිටබැද්දරින් ශ්‍රී ලංකාවේ විශාලතම භූගත ජල මූලාශ්‍රයක් හඳුනාගැනේ

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසන්නේ පිටබැද්දර පොලිස් ස්ථානය අසල සිදු කළ නළ ළිං කැණීමකදී ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රය සොයාගත් බවයි.

දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා සඳහන් කළේ මෙම ජල මූලාශ්‍රය මිනිත්තුවකට ලීටර් 10,000 (ඝන මීටර් 10)ක අඛණ්ඩ ජල ප්‍රවාහයක් ලබාදෙන බවයි. ශ්‍රී ලංකාව තුළ මෙතරම් ප්‍රබල ජල ප්‍රවාහයක් සහිත භූගත ජල මූලාශ්‍රයක් හඳුනාගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකයි.

මීට පෙර රටේ විශාලතම භූගත ජල මූලාශ්‍රය ලෙස වාර්තා වූයේ මඩු ප්‍රදේශයෙන් සොයාගත් ජල මූලාශ්‍රය වන අතර එහි ජල ප්‍රවාහය මිනිත්තුවකට ලීටර් 7,000ක් පමණයි.

පාෂාණ ස්ථර විද්‍යාත්මකව අධ්‍යයනය කරමින් සහ භූගත ස්ථර බිඳීම් හඳුනාගනිමින් නවීන තාක්ෂණය භාවිතා කර මෙම නළ ළිඳ කැණීම් කටයුතු සිදු කර ඇති බවද වාර්තා වනවා.

ඉදිරියේදී මෙම ජල මූලාශ්‍රයෙන් මොරවක, පිටබැද්දර සහ අවට ප්‍රදේශවල ජල හිඟයට මුහුණ දෙන ජනතාවට ජලය බෙදාහැරීමට පියවර ගන්නා බවද බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Shares: