අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශශේන්ද්‍ර රාජපක්ෂ සහ තවත් සැකකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව සිදුකළ දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන අවසන් කර ඇති බව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත නිදහස්ව සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ අනෙකුත් සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සම්පූර්ණ කර ඇති බවත්, අදාළ ලිපිගොනු කොමිසම වෙත යොමු කර ඇති බවත්ය.
මෙම සිද්ධිය ‘අරගලය’ සමයේදී විරෝධතාකරුවන් විසින් විනාශ කරනු ලැබූ, මහවැලි අධිකාරියට අයත් භූමියක ඉදිකර තිබූ ඔහුගේ දේශපාලන කාර්යාලය වෙනුවෙන් රුපියල් 8,850,000 ක වන්දි මුදලක් නීතිවිරෝධී ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙනි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ජූලි 10 දින යළි කැඳවීමට නියෝග කළේය.











