අද (16) දින පස්වරු 2.00 න් පසු දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට මෙම තත්ත්වය බලපානු ඇතැයි අනාවැකි පළ කර තිබෙනවා.
එසේම නැගෙනහිර පළාතේද ස්වල්ප වැසි තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන් වනවා.
තවද මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම කාලයේදී මීදුම් සහිත වාතාවරණයක් ද අපේක්ෂා කළ හැකි බවයි දැනුම් දී තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින් ඒවා මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.











