උණුසුම් පුවත්

යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දින දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේයි ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිටියා.

ඉන් අනතුරුව නඩුව ඔක්තෝබර් මස 15 කැඳවීමටයි නියම කළේ.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දෙපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Shares: