දේශීය

ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවාවන් සහ අත්‍යවශ්‍ය මෙහෙයුම් සඳහා ඉන්ධන ලබාදීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේ, රටේ සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවයි.

ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,
* මාස දෙකක් ඇතුළත රට තුළ ඉන්ධන සම්පූර්ණයෙන්ම අවසන් වුවද, සති හයක් පමණ සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමට සංචිත තොග සුරක්ෂිත කර ඇති බවයි.
* වරාය සහ ගුවන්තොටුපළවල අත්‍යවශ්‍ය මෙහෙයුම් සඳහා සංචිත ඉන්ධන තොග පවත්වා ගැනීමට උපදෙස් නිකුත් කර තිබෙනවා.
* අර්බුදයකි ඇති වුවහොත්ත්, මෙම සංචිත ආරක්ෂා කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් අවධාරණය කළේ,

* ආර්ථිකය ස්ථාවරව ඉදිරියට යන නමුත්, ඇතැම් ස්ථානවල බාධා ඇති විය හැකි බවයි
* ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාමවල ඇති බිඳවැටීම් ඇතැම් අංශවලට බලපෑ හැකි බව
* මේවා අධ්‍යයනය කර, මහජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.

 

Shares: