විදෙස්

මැදපෙරදිග ශ්‍රී ලාංකික හඬවල් නිහඬ කරවූ සත්‍යය

ශ්‍රී ලංකාවේ සංක්‍රමණය වන ශ්‍රම බලකායේ විශාල කොටසක් අද මැදපෙරදිග කලාපයේ රැඳී සිටිති. ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් මිලියනයක් පමණ මැදපෙරදිග කලාපය තුළ ජීවත්වමින්, තම පවුල්වල අනාගතය ගොඩනගමින් සිටිති.

එහෙත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සෞදි අරාබිය වැනි රටවල් සමඟ කලාපය තුළ උද්ගතව ඇති ආරක්ෂක අර්බුද හා ප්‍රහාරක තත්ත්වයන්, එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයට අලුත් අභියෝග රැසක් එකතු කර තිබෙනවා.

මුල් අවස්ථාවලදී සමාජ මාධ්‍ය හරහා තම අත්දැකීම් බෙදාගත් ශ්‍රී ලාංකිකයන්, දැන් ඒ සඳහා දැඩි සීමාවන්ට මුහුණ දෙමින් සිටිනවා.

“හෝටලයෙන් කිව්වා කාටවත් විස්තර කියන්න එපා කියලා…”

බොහෝ ආයතනවල සේවකයන් පවසන්නේ, තමන් සේවය කරන ආයතන මඟින් බාහිර පාර්ශවයන් සමඟ තොරතුරු හුවමාරු කිරීම තහනම් කර ඇති බවයි.

කලාපයේ යුධමය තත්ත්වය පිළිබඳව අදහස් පළ කළ සංක්‍රමණික සේවකයන් කිහිප දෙනෙකු බලධාරීන් විසින් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇති බවට වාර්තා වීමත් සමඟ, අනෙක් අය අතර දැඩි බියක් ඇතිව තිබෙනවා.

ඒ හේතුවෙන්, මීට පෙර මාධ්‍ය සමඟ සම්බන්ධ වූ පුද්ගලයින් පවා, පසුව තම අදහස් ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලීම් කරන තත්ත්වයක් දක්නට ලැබෙනවා.

බහරේන් හි සේවය කරන කාන්තාවක්, මුලදී තම අත්දැකීම් බෙදාගත්තද, පසුව එම තොරතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

වත්මන් තත්ත්වය තුළ ශ්‍රී ලාංකිකයන් තොරතුරු හුවමාරුවෙන් පසුබැසී, තම ආරක්ෂාව ප්‍රමුඛ කර ගන්නා ආකාරය පැහැදිලි කරයි.

මෙය රටෙන් පිටත ජීවිතය ගොඩනගන්නා අතරතුර, නිහඬව තමන්ගේ ආරක්ෂාව රැක ගැනීමට වෙහෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ කතාවයි්.

ඔවුන්ගේ හඬ සීමා වී ඇත.

 

Shares: