විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලීන් මේ වන විට අවසන් වෙමින් පවතින බව ඇය පවසා තිබුණා.
තවද, සාමාන්‍ය විභාග ප්‍රශ්න පත්‍රවලට අදාළ ඇගයීම් කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දුන්නා.
මේ අතර, සාමාන්‍ය විභාගය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස අගදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඇය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, ප්‍රායෝගික විභාග අවසන් වූ වහාම සාමාන්‍ය විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය තවදුරටත් පවසා තිබෙනවා.










