කාළගුණය

අද පස්වරු වැසි සහ ගිගුරුම් – ප්‍රදේශ කිහිපයකට කාලගුණ අනාවැකි

අද (21) පස්වරු 1.00 න් පසු බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකි බව සඳහන් වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒවායෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාව දැනුවත් කර තිබෙනවා.

 

Shares: