විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඊදුල් ෆිතර් උත්සවය සමරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මුස්ලිම් ප්‍රජාවට සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඔහු නිකුත් කළ පණිවිඩයේ සඳහන් වූයේ, බටහිර අහසේ නැඟෙන අඩ සඳ ලෝකයට සාමයේ ආලෝකය ගෙන එමින්, යුද්ධයේ ගිනිදැල් නිවී ආදරය හා සමාදානය පිරි ලෝකයක් බිහි විය යුතු බවයි.
මෙම උත්සවය සමාජයේ සහෝදරත්වය, අනුකම්පාව සහ එකමුතුව වර්ධනය කරන අගනා අවස්ථාවක් බවත්, සියලු දෙනාට සාමකාමී හා සතුටින් පිරි ඊදුල් ෆිතර් උත්සවයක් වේවා යැයි ඔහු ප්‍රාර්ථනා කළේය.











