දේශීය

යාල ජාතික වනෝද්‍යානයේ වෙඩි තැබීමේ සිද්ධියක්

යාල ජාතික වනෝද්‍යානයේ මායිමේ පිහිටි කිරින්දේ හීන්වල වනජීවී මුරපොළ අසල අද (21) අලුයම වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

වාර්තාවලට අනුව, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ අතර, වෙඩි හඬ ඇසුණු විගසම නිලධාරීන් එම ස්ථානයට දිව ගියද, සැකකරුවන් සහ වාහනය පලා යාමට සමත් වී තිබෙනවා.

කිරින්ද පොලිසිය මෙම නීතිවිරෝධී වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ වාහනය සොයා ගැනීමට ක්‍රියාත්මක වන අතර, අසල්වැසි පොලිස් ස්ථානද විමර්ශන කටයුතු සඳහා දැනුම් දී තිබෙනවා.

Shares: