ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) පවසන්නේ, බිස්කට්, අයිස්ක්‍රීම්, චොකලට් සහ අනෙකුත් රසකැවිලි නිෂ්පාදනවල මිල මැයි මාසය දක්වා වැඩි නොකරන බවයි
ඊයේ (26) වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී, සංගමයේ නියෝජිතයින් මෙම තීරණය ප්‍රකාශ කර තිබෙනවා.
සාකච්ඡාවේ ප්‍රධාන කරුණු ලෙස, මැදපෙරදිග ගැටුමෙන් ඇතිවන බලපෑම් සහ තත්ව කළමනාකරණය, පාරිභෝගිකයන්ට අවම බලපෑමක් ඇති වන ලෙස පාලනයට ඇති අවශ්‍යතාවය, එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා ප්‍රමාණවත් බෙදාහැරීම සහතික කිරීම වැනි කරුණු සම්බන්ධයෙනුයි.
නමුත් ඉදිරියේදී ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ නැංවීමක් සිදු වූ විට මැයි මාසයෙන් පසු මිල සංශෝධනයකට යොමු විය හැකි බව වැඩි දුරටත් පැවසා තිබුණා.
LCMA හි සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා සඳහන් කළේ, රසකැවිලි කර්මාන්තය සීමිත ලාභයකින් ක්‍රියාත්මක වන නිසා, උත්සව සමය අවසන් වන තෙක් මිල වැඩි නොකිරීමට ගත් මෙම තීරණය පාරිභෝගිකයන්ට මෙන්ම කර්මාන්තයටද දැනට ලබා දිය හැකි සාධාරණතම පිළිතුර විය හැකියි.









