දේශීය

සපුගස්කන්දෙන් මත්ද්‍රව්‍ය විශාල ගොඩක් අත්අඩංගුවට – මිලියන 50කට අධික වටිනාකමක්!

සපුගස්කන්ද ප්‍රදේශයෙන් රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව හෙරොයින්, ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්), කොකේන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය වර්ග රැසක් සොයාගෙන තිබෙනවා. ඒ අතර හෙරොයින් – කිලෝග්‍රෑමයකට වැඩි ප්‍රමාණයක්,අයිස් – ග්‍රෑම් 515, කොකේන් – ග්‍රෑම් 565 හමුවී තිබෙනවා.

මූලික විමර්ශන අනුව, මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් සැපයූ බවට සැක පළ කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව ද සොයා බැලීම සිදු වෙමින් පවතින බව වාර්තා වනවා.

මෙම වැටලීම හරහා රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලවල ව්‍යාප්තිය නැවත නැවතත් වරක් හෙළිදරව් කරනවා.

Shares: