දේශීය

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 38,000ක ඉන්ධන නෞකාවක් කොළඹට

ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා වැදගත් පියවරක් ලෙස, හෙට (29) දින ඉන්දියාවේ සිට ඩීසල් සහ පෙට්‍රල් එකතුවෙන් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකායක් කොළඹ වරායට පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙනවා.

මෙම ඉන්ධන නැව්ගත කිරීම සිදුවන්නේ, මාර්තු 24 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් වන සහයෝගිතාවය පිළිබඳ පැහැදිලි සංකේතයක් ලෙස හැඳින්විය හැකියි.
ඉදිරි කාලය තුළ ඉන්ධන සැපයුම ස්ථායි කිරීමේ දී මෙවැනි සහයෝගිතා පියවර අතිශය වැදගත් වේ.

මෙම පියවර, රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ජන ජීවිතය සධාරණ ලෙස පවත්වාගෙන යාම සඳහා විශාල ආධාරයක් ලෙස සැලකිය හැකියි.

Shares: