ශ්‍රී ලංකාවේ ජනතාවගේ විශ්වාසය දිනාගත් ආයුර්වේද ක්ෂේත්‍ර නාමයකින් පවත්වාගෙන ගිය බරපතළ වංචනික ඖෂධ තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් වටලා තිබෙනවා.
මාර්තු 26 වන දින සිදු කළ විශේෂ වැටලීමකදී, මාවනැල්ල–හිඟුල ප්‍රදේශයේ වූ ආයතනයක් ඉලක්ක කරමින් මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. මෙම මෙහෙයුම ආරම්භ වූයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
විමර්ශනවලින් හෙළි වූයේ,
මෙම ආයතනය විසින් රාජ්‍ය ආයතනයේ නාමය සහ නිල ලාංඡනය වංචනික ලෙස භාවිතා කරමින්, සමාන ලෙස පෙනෙන නමුත් ව්‍යාජ ඖෂධ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර අලෙවි කර ඇති බවයි.
මෙම ව්‍යාජ නිෂ්පාදන සියල්ලම CAA නිලධාරීන් විසින් භාරයට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර මේ වනවිටත් ආරම්භ තිබෙනවා.
ඔබ භාවිතා කරන ඖෂධ නිල අනුමත ස්ථානවලින් පමණක් මිලදී ගැනීමට සහ සැකසහගත නිෂ්පාදන පිළිබඳ වහාම බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.










