පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් නවතා තිබූ සේවා සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ මස 23, 24 සහ 26 යන දිනවල
බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල වෙත පැමිණියත් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට, අද දින සිට එක්දින සේවය යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
අවශ්‍ය සියලු ලේඛන සමඟ අදාළ කාර්යාල වෙත පැමිණීමෙන්,
එම සේවාව ලබාගත හැකි බව දැනුම් දී තිබෙනවා.
තවද, හෙට සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල එක්දින සේවය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර,
ලබන අප්‍රේල් 06 වනදා සිට සියලු සේවාවන් අඛණ්ඩව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අවශ්‍ය ලේඛන සම්පූර්ණ කරගෙන පැමිණීමෙන් ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්නා ලෙස දැනුම් දී තිබෙනවා










