උණුසුම් පුවත්විදෙස්

ලෝකය පුරා ඉන්දන මිල ඉහළ යන මොහොතේ ඕස්ට්‍රේලියානු ජනතාවට ලැබෙන ඉන්ධන සහනය

ඉරානයට එරෙහිව උත්සන්න වී ඇති එක්සත් ජනපද–ඊශ්‍රායල යුධ තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන වෙළඳපොළේ මිල ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස, ඕස්ට්‍රේලියානු රජය ජනතාවට සහනයක් ලබා දීමට විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේ, ඉන්ධන බද්ද මාස තුනක කාලයක් සඳහා අඩකින් අඩු කරන බවයි.
එමඟින් ලීටරයක මිල ඕස්ට්‍රේලියානු ශත 26.3 කින් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

“ලෝකයේ අනෙක් පැත්තේ යුද්ධයක් වුවත්, එහි බලපෑම මෙහි ජනතාවටත් දැඩිව දැනේ,” යැයි කැන්බරා හි මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කර තිබුණා.

තවද, බර වාහන සඳහා වන මාර්ග පරිශීලක ගාස්තුවද මාස තුනක් සඳහා අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මෙම සහන පියවරයන් සඳහා ඕස්ට්‍රේලියානු රජයට ඩොලර් බිලියන 2.55 ක් වැය වනු ඇතැයි දැනට ගනන් බලා තිබෙනවා.

ජාත්‍යන්තර අර්බුද අතරේ, ඕස්ට්‍රේලියාවේ ජනතාවට ආර්ථික සහනයක් ලබා දීමට රජයන් ගන්නා ලද පියවර ලෝකයේ කතා බහට ලක්වී තිබෙනවා

Shares: