දිවයිනේ කාලගුණ තත්ත්වය අද (අප්‍රේල් 04) පස්වරු 1.00 න් පසු තවදුරටත් වෙනස් වන අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
බලපාන ප්‍රදේශ ලෙස, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්ක යන ප්‍රදේශවල තද වැසි සමඟ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇති විය හැකයි.
ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු, තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින්, මහජනතාවට ආරක්ෂිත පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
✔️ විවෘත ප්‍රදේශවල සිටීමෙන් වලකින්න
✔️ විදුලි උපකරණ භාවිතය සීමා කරන්න
✔️ ගස් සහ විදුලි කුළුණු ආසන්නයෙන් ඉවත් වන්න
✔️ ගමන්බිමන් අවශ්‍ය නම් පමණක් සිදු කරන්න











