දේශීය

පාසල් විනයට නව මාර්ගෝපදේශ! – ශාරීරික දඬුවම් සම්පූර්ණයෙන්ම තහනම්

පාසල් තුළ විනය සහතික කිරීම සඳහා ගත යුතු නව පියවරයන් ඇතුළත් කරමින්, අධ්‍යාපන අමාත්‍යංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම නව මාර්ගෝපදේශ, පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, පිරිවෙන් ආයතන ප්‍රධානීන් සහ පාසල් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පාසල් පද්ධතිය තුළ විනය නව මට්ටමකට ගෙන යාම මෙහි අරමුණයි.

* ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව දැඩි නියෝග

මෙම චක්‍රලේඛය තුළ ශාරීරික දඬුවම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව,කිසිදු තත්වයක් යටතේ දරුවන්ට ශාරීරික මානසික හානියක් සිදු නොකළ යුතු බව දැඩි ලෙස අවධාරණය කර තිබෙනවා.

ඕනෑම ආකාරයක ශාරීරික දඬුවම් සම්පූර්ණයෙන් තහනම්. නියෝග උල්ලංඝනය කරන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, ශිෂ්‍ය විනය පවත්වා ගැනීමේදී ගෞරවය, ආරක්ෂාව සහ මනුෂ්‍යත්වය මුල් කරගත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි.

මෙම නව මාර්ගෝපදේශය, දරුවන්ට ආරක්ෂිත සහ හිතකර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

Shares: