විදෙස්

රතු මුහුදේ තවත් වැදගත් සමුද්‍ර මාර්ගයක් ඉරානයේ අවධානයට.

රතු මුහුදේ, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගෝලීය වෙළෙඳ කටයුතු, ඉරානය විසින් එල්ල කරන තර්ජන නිසා තවදුරටත් බාධා වන අවදානමක් පවතින බව වාර්තා වනවා.

දැනටමත් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කර ඇති අතර, දැන් ඒඩන් බොක්ක සහ රතු මුහුද අතර පිහිටි මෙම ප්‍රධාන සමුද්‍ර මාර්ගය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතුද බාධා කිරීමට ඉරානයෙන් තර්ජන.

ඇමෙරිකානු හමුදා මෙහෙයුමක් සිදු වුවහොත්, “වෙනත් සටන් පෙරමුණු” විවෘත විය හැකි බව ඉරානය පවසනවා. බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත් උපායමාර්ගික මාර්ගයක් ලෙස සැලකෙන අතර, එය ඔස්සේ වෙළෙඳ කටයුතු බාධා කිරීමට ඉරානයට ඇති හැකියාව දැඩි අවදානමක් බවට පත්ව තිබෙනවා.

මෙම තත්ත්වය, විශේෂයෙන් ප්‍රධාන තෙල් ප්‍රවාහණ මාර්ගවලට බලපෑම් ඇති කළ හැකි අතර, ගෝලීය වෙළෙඳාමට දැඩි බලපෑම් ඇති කළ හැකි අවදානමක් නිර්මාණය කර තිබෙනවා.

Shares: