කොහුවල ප්රදේශයක නිවසකදී රැඳී සිටි විදේශික කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී මරණයට පත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් වයස 26 ක චීන ජාතිකයෙකු කොල්ලුපිටිය, සර් අනාගරික ධර්මපාල මාවතේ හෝටලයක සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔහු සතුව තිබේ කැමරා 03ක් සහ ‘අයිස්’ (ක්රිස්ටල් මැථෑම්ෆෙටමින්) 2.28 ග්රෑම් පරිමාණයෙන් හමුවී තිබෙනවා.
අද (06) ඔහු නුගේගොඩ මැජිස්ට්රේට් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොහුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.











