උණුසුම් පුවත්දේශීය

වෙසක් සතිය වෙනුවෙන් පාසල් සහ අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වැඩසටහන්!

ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමග සමගාමීව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

වෙසක් සතිය 2026 මැයි 26 සිට ජූනි 02 දක්වා පැවැත්වීමට නියමිත වන අතර මෙය රාජ්‍ය වෙසක් උත්සවය සමඟ සම්බන්ධව ක්‍රියාත්මක වනවා.

වෙසක් පෝය දිනය 2026 මැයි 30 වන දිනට යෙදී තිබෙනවා.

රාජ්‍ය වෙසක් උත්සවය 2026 මැයි 27 මාතර, තිහගොඩ, මිද්දෙල්වල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

සංවිධානය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

අධ්‍යාපන ආයතන සඳහා උපදෙස්,

මෙම වැඩසටහන් පහත ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පාසල්
ගුරු විද්‍යාල
පිරිවෙන
ගුරු පුහුණු ආයතන

වැඩසටහන් සංවිධානය කිරීම සදහා අමාත්‍යාංශය විසින් ආදර්ශ සැලැස්මක්ද ලබා දී තිබෙනවා. ඒ අනුව, සෑම ආයතනයක්ම තම පරිසරයට ගැලපෙන ලෙස වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වනවා.

වෙසක් සතියේ අරමුණ ලෙස බුදුදහමේ මූලධර්ම ජීවිතයට ඇතුළත් කරගැනීම, කරුණාව, මෛත්‍රීය සහ සමාජ එකමුතුව වර්ධනය කරගැනීම බලාපොරොත්තු වනවා.

අපේ සංස්කෘතිය, අපේ වගකීමයි! වෙසක් ආලෝකයෙන් ලෝකය දීප්තිමත් කරමු.

 

Shares: