ක්‍රීඩා

ශ්‍රී ලංකා U19 කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්!

අද පැවති වයස 19න් පහළ කාන්තා ක්‍රිකට් තරඟයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව කඩුලු 4 කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 91ක් ලබා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතාවයෙන් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්කරමින් ලකුණු 91ක ඉලක්කයට සීමා කරෟමට හැකි විය.

ලකුනු 91ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී, අවසන් ඕවරයේ තවත් බෝල 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සුරක්ෂිත කර ගෙන තිබෙනවා.

තරුණ ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දක්ෂතාවය
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය ගැන විශාල විශ්වාසයක් ලබාදෙන අතර, තරුණ ක්‍රීඩිකාවන්ගේ ශක්තිය ලෝකයට පෙන්වා දෙන අවස්ථාවක්ද වූවා.

අභියෝගාත්මක අවස්ථාවකදීත් ශක්තිමත්ව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්!

Shares: