විදෙස්

ලෝකප්‍රසිද්ධ ගායන ශිල්පිනී අශා භෝස්ලේ අභාවප්‍රාප්තයි.

ඉන්දීය සංගීතයේ අමරණීය හඬක් වූ ආශා බෝස්ලේ මහත්මියගේ අභාවය ඉන්දියානු මෙන්න ලෝකය පුරාම කලා රසිකයන් ශෝකයකට පත්කර තිබෙනවා.

ඇය ඊයේ (ඉරිදා) Breach Candy Hospitalහිදී අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඇය 92 වැනි වියේ පසුවුනා.

අද (සඳුදා) මුම්බායි හි ඇයගේ නිවසේදී, ජාතික ධජයෙන් ආවරණය කළ ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා තබා තිබෙනවා.

එම අවස්ථාවට පවුලේ සාමාජිකයින්, සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයින්, රජයේ නිලධාරීන්, ඇගේ ආදරණීය රසිකයින් එකතු වී අවසන් ගෞරවය දැක්වීම සිදු වනවා.

ආගමික වතාවත්, ගෞරව මැද, රාජ්‍ය නිලධාරීන් විසින් ඇගේ අවමංගල අවස්ථාව සිදුකර තිබෙනවා.

ආශා බෝස්ලේගේ සංගීත දායකත්වය අසමසමයි. ඇය විශිෂ්ට ශාස්ත්‍රීය සංගීතයෙන්, ගසල් ගීත, කැබරේ සංගීතය,නවීන පොප් වැනි විවිධ ශෛලීන් හරහා ගායන හැකියා පිරිපුන් අතිශය දක්ෂ ගායිකාවක් වනවා.

ඇය වැඩිම ස්ටුඩියෝ ගීත පටිගත කිරීම් සඳහා ගිනස් ලෝක වාර්තාවක්ද හිමිකරගෙන තිබෙනවා.

ඇයගේ සොයුරිය වූ ලනා මංගේෂ්කර් සමඟ, හින්දි චිත්‍රපට සංගීතයේ ස්වර්ණමය යුගය නිර්මාණය කළා.

ඇය උපන්නේ පණ්ඩිත් දීනනාත් මංගේෂ්කර් මහතාගේ දියණියක් ලෙසයි

කුඩා වියේදී පියාගේ අභාවයෙන් පසු සංගීත ගමන ආරම්භ කරමින් ලෝකයම ජයගත් ගායන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා.

සංගීත නිර්මාපක R. D. බර්මන් සමඟ ඇයගේ සබඳතාවද ඇයගේ ජීවිතයේ විශේෂ හැරවුම් ලක්ෂයක් වී තිබෙනවා.

නව සංගීත ප්‍රවණතා සමඟ හැඩගැසෙමින්, ජාත්‍යන්තර කලාකරුවන් සමඟ කටයුතු කළ ඇය, ප්‍රියතම කලාකරුවන් අතර ඉදිරියෙන්ම සිටියා.

අශා භෝස්ලේ – හඬක් නොව, සංගීතයක්මයි..

Shares: