කාළගුණයදේශීය

අද කාලගුණ නිවේදනය

අද (28) පස්වරු 1.00 න් පසු, දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

වැසි සහිත කාලගුණය අද, දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද, දකුණු පළාත් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමෙන් තද වැසිද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අලුයම මීදුම් සහිත තත්ත්වද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්න.

 

Shares: