කාළගුණයදේශීය

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ අකුණු සහිත කාලගුණයක්

අද (30) පස්වරු 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාල වන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. මේ අතර, මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින් රියදුරන් වැඩි සැලකිල්ලෙන් රිය ධාවනය කරන ලෙසද දැනුම් දී තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, විවෘත ප්‍රදේශවල රැඳී සිටීමෙන් වළකිමින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා තිබෙනවා. ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ වැසි ආවරණයක් රැගෙන යන්න, අකුණු ඇති අවස්ථාවල ගස් යට නතර නොවන්න, මීදුම් සහිත ප්‍රදේශවලදී රිය ධාවනයේදී වැඩි අවධානයක් දක්වන්න. ආරක්ෂිතව සිටින්න.

 

Shares: