ලෝකයම මුහුණ දෙන දැවැන්ත පාරිසරික අර්බුදයක් වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණයට ස්වභාවික විසඳුමක් ලෙස මුරුංගා බීජ යොදාගත හැකි බවට විද්‍යාඥයින්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඔවුන් පවසන්නේ, ජලයේ පවතින ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු එකට කැටි කර ඉවත් කිරීමට මුරුංගා බීජ සාරය උපකාරී කරගත හැකි බවයි.
විශේෂයෙන්ම රසායනික ජල පිරිපහදු ද්‍රව්‍ය ලබාගැනීමට අපහසු ග්‍රාමීය ප්‍රදේශන් සඳහා මෙය අතිශයින් වැදගත් විය හැකි බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන්නේ.
කෙසේ වෙතත්, වැඩි ප්‍රමාණයෙන් මුරුංගා බීජ භාවිතා කිරීමෙන් ජලයේ කාබනික අපද්‍රව්‍ය වැඩිවිය හැකි බැවින්, එය තවදුරටත් පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක්ද මතුවිය හැකි බවට පර්යේෂකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සමඟම, මෙම ක්‍රමය පරිසර හිතකාමීද, වාණිජමය වශයෙන් ලාභදායීද සහ විශාල පරිමාණයෙන් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
තවත් වැදගත් කරුණක් වන්නේ, මුරුංගා බීජ සාරය PVC වැනි ප්ලාස්ටික් වර්ග පමණක් නොව නැනෝ ප්ලාස්ටික් ද ඉවත් කිරීමට සමත්ද යන්න සොයා බැලීමයි. නැනෝ ප්ලාස්ටික් යනු මිනිස් කෙස් ගසක පළලෙන් 1,000න් එකක් පමණ වන අතිශය කුඩා අංශු වන අතර, ඒවා මිනිස් සිරුර තුළට ඇතුළු වීමේ ඉඩකඩ ඉතා ඉහළයි.
පර්යේෂණ කණ්ඩායම් විශ්වාස කරන්නේ මුරුංගා බීජ වෙනත් ප්ලාස්ටික් වර්ග සඳහාද ඵලදායී විය හැකි බවයි. ලොව පුරා ජල දූෂණය සහ සෞඛ්‍ය අවදානම් ඉහළ යමින් පවතින මෙවන් අවස්ථාවක, ස්වභාවික සහ අඩු වියදම් විසඳුම් සෙවීම අතිශය වටිනා පියවරක්.
අනාගත පරපුරට පිරිසිදු ජලය සහ සුරක්ෂිත පරිසරයක් ලබාදීමට, මෙවැනි පර්යේෂණ ලෝකයටම බලාපොරොත්තුවක් එක් කිරීමකි.










