උණුසුම් පුවත්දේශීය

ලෝක මුරපද දිනය: ඔබේ ඩිජිටල් ආරක්ෂාව ගැන නැවත සිතන්න

ලෝක මුරපද දිනය සෑම වසරකම මැයි මාසයේ පළමු බ්‍රහස්පතින්දා සැමරේ. මෙම දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ ශක්තිමත් මුරපද භාවිතයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි. අද අපගේ විද්‍යුත් තැපැල්, බැංකු, සමාජ මාධ්‍ය සහ ව්‍යාපාරික ගිණුම් සියල්ලම මුරපද මඟින් ආරක්ෂා වේ. එබැවින් දුර්වල හෝ නැවත නැවත භාවිත කරන මුරපදයක් ගිණුම් කිහිපයක් අවදානමට ලක් කළ හැක.

අද email, banking, social media සහ ව්‍යාපාරික ගිණුම් සියල්ලම මුරපද මඟින් ආරක්ෂා වේ. දුර්වල හෝ එකම මුරපදය ගිණුම් කිහිපයක භාවිත කිරීමෙන්, එක් ගිණුමක් පමණක් නොව තවත් ගිණුම් රැසක්ද අවදානමට ලක් විය හැක.

දත්ත කඩවීම් සිදුවන විට, පරිශීලක නාම සහ මුරපද අන්තර්ජාලයට ලීක් විය හැක. එවැනි තොරතුරු භාවිත කරමින් අපරාධකරුවන් වෙනත් වෙබ් අඩවිවලටද ඇතුළු වීමට උත්සාහ කරයි. මෙය “credential stuffing” ලෙස හැඳින්වේ.

අදම ඔබේ වැදගත් ගිණුම්වල මුරපද යාවත්කාලීන කරන්න. Email, banking සහ social media ගිණුම් සඳහා දිගු, අද්විතීය සහ සංකීර්ණ මුරපද භාවිත කරන්න. එකම මුරපදය නැවත භාවිත නොකරන්න. හැකි සෑම අවස්ථාවකම two-factor authentication සක්‍රීය කරන්න.

ඔබේ ඩිජිටල් ආරක්ෂාව ආරම්භ වන්නේ ඔබේ මුරපදයෙන්ය.

 

Shares: