අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ “MV Hondius” මගී නෞකාව සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර අවධානය යොමුවී තිබෙනවා.
හැන්ටා වයිරසය ආසාදනය වූ බවට සැක කෙරෙන සිදුවීම් සහ මරණ කිහිපයක් වාර්තා වීමත් සමඟ රටවල් රැසක් හදිසි සෞඛ්‍ය නිරීක්ෂණ ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
නෞකා ක්‍රියාකරු ප්‍රකාශ කළේ, මැයි 4 වනදා දක්වා තහවුරු කළ හැන්ටා වයිරස් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවත්, නෞකාවෙන් බැසගිය සියලුම මගීන් හා සම්බන්ධ වී අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බවත්ය.
රටවල් කිහිපයක සෞඛ්‍ය අංශ සීරුවෙන්
නෞකාව බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි කේප් වර්ඩ් දූපත් වෙත ගමන් කරන අතරතුර ශාන්ත හෙලේනා දූපතේ නතර වී තිබූ බව ලන්දේසි රජය සඳහන් කර තිබෙනවා.
අප්‍රේල් 24 වනදා නෞකාවෙන් පිටත්ව දකුණු අප්‍රිකාවට ගිය ලන්දේසි කාන්තාවක් දින දෙකකට පසු මියගොස් ඇති අතර, ඇයගේ සැමියාද අප්‍රේල් 11 වනදා නෞකාවේදී මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන්ගේ මරණ තවමත් හැන්ටා වයිරසය ලෙස නිල වශයෙන් තහවුරු කර නොමැත.
තවද, ජර්මානු කාන්තාවක් මැයි 2 වනදා නෞකාවේදී මියගොස් ඇති අතර, ඇගේ දේහය තවමත් නෞකාවේ පවතින බව වාර්තා වනවා.
KLM ගුවන් යානයක්ද නිරීක්ෂණයට
ලන්දේසි බලධාරීන් අනාවරණය කළේ, මියගිය කාන්තාව ජොහැන්නස්බර්ග් සිට නෙදර්ලන්තය බලා යන KLM Royal Dutch Airlines ගුවන් යානයකට ගොඩවී ඇති නමුත්, ගුවන් යානය පිටත්වීමට පෙර ඇය අසනීප වී ඇති බවයි.
ඒ අනුව, එම ගුවන් යානයේ ගමන් කළ මගීන්ට සෞඛ්‍ය නිරීක්ෂණ සඳහා සම්බන්ධ වන ලෙස දැනුම්දී තිබෙනවා.
සිංගප්පූරුව, ඇමරිකාව සහ ආර්ජන්ටිනාවත් ක්‍රියාත්මක වෙයි
සිංගප්පූරු බෝවන රෝග ඒජන්සිය පවසන්නේ, ශාන්ත හෙලේනා සිට දකුණු අප්‍රිකාවට ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු හුදකලා කර පරීක්ෂා කරමින් සිටින බවයි.
එක්සත් ජනපදයේ ජෝර්ජියා සහ ඇරිසෝනා ප්‍රාන්ත ද නෞකාවෙන් ආපසු ගිය මගීන් තිදෙනෙකු නිරීක්ෂණය කරමින් සිටිනවා. මේ වනවිට ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බව සඳහන්.
එමෙන්ම ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය උෂුවායා ප්‍රදේශයේ මීයන් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
හැන්ටා වයිරසය යනු කුමක්ද?
හැන්ටා වයිරසය සාමාන්‍යයෙන් මීයන් සහ කෘන්තක සතුන් හරහා පැතිරෙන දුර්ලභ නමුත් බරපතළ වෛරසයකි. එය මිනිසුන්ට ආසාදනය වුවහොත් උණ, හුස්ම ගැනීමේ අපහසුතා සහ දරුණු පෙනහළු ආසාදන ඇති කළ හැකියි.
මේ වනවිට ලෝක සෞඛ්‍ය බලධාරීන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවනවා.









