විදෙස්

බෝම්බයක් පිළිබඳ සැකයක් නිසා මෙල්බන් Avalon ගුවන්තොටුපළ පැය කිහිපයක් අර්ධ වශයෙන් වසා දැමේ!

ඕස්ට්‍රේලියාවේ ගුවන්තොටුපළේදී ආරක්‍ෂක පරීක්‍ෂාවේදී හමු වූ සැකකටයුතු පැකේජයක් නිසා අද (21) පැය කිහිපයක් ගුවන් තොටුපළ අර්ධ වශයෙන් වසා සිදු වී තිබෙනවා.

 

 පොලිසිය සහ නිෂ්ක්‍රීය මෙහෙයුමේ කැඳවා පරීක්ෂා කළ අතර, පසුව හෙළිව තිබුණේ එම පැකේජයේ හිසකෙස් ඉවත් කිරීමේ උපකරණයක් සහ හොට් චොකලට් බඳුනක් අන්තර්ගතව තිබූ බවයි.

 

ආරක්ෂක පරීක්ෂාවේදී සැකකටයුතු ලෙස හඳුනාගෙන තිබූ මෙම පැකේජය නිසා

 දේශීය ගුවන් ගමන් සමහරක් ප්‍රමාද වී තිබෙනවා.

 ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා බාධාවක් සිදු වී නැහැ.

 

පොලිසිය සඳහන් කළේ, පැකේජයේ හිමිකරු මුලදී ඔහුගේ සහයෝග ලබා නොදීම නිසා වැඩි කාලයක් ගතවූ බවයි.

 පසුව ඔහු නිදහස් කර ඇති අතර, කිසිදු චෝදනාවක් ගොනු කර නැහැ.

 

 පැය 4 කට පසු Avalon Airport නැවත විවෘත කර තිබෙනවා.

 

මගීන් පවසන්නේ,

 “ගුවන් තොටුපළ වසා තිබුණා, බොහෝ පොලිස් රථ තිබුණා… සිදු වන්නේ මොකක්ද කියලා කිසිවෙකු දැනගෙන සිටියේ නැහැ” යනුවෙනි.

Shares: