දේශීය

මෙම සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගනන් CAA විසින් නිකුත් කරයි!

2026 මැයි 18 සිට 24 දක්වා සතිය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තුගත සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පාරිභෝගිකයින් වෙළඳපල මිල පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම මිල පරාසයන් සතිපතා නිකුත් කරන බව CAA සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන මිල පරාස කිහිපයක් මෙන්න,

තිරිඟු පිටි – රු.153 සිට – 172

සුදු සීනි – රු.195 – සිට 235

පරිප්පු – රු.225 -සිට 249

අර්තාපල් – රු.160 සිට 228 දක්වා

ලොකු ළූණු – රු.112 සිට 218 දක්වා

වියළි මිරිස් – රු.900 – සිට 1,087

සුදු බිත්තර – රු.30 – සිට 35

දුඹුරු බිත්තර – රු.32 – සිට 37

ටින් මාළු – රු.380 සිට 560 දක්වා

සහල් – රු.168 සිට 230 දක්වා

බ්‍රොයිලර් කුකුල් මස් – රු.1,000 – 1,250

කිරිපිටි (400g) – රු.990 – සිට 1,155

CAA පවසන්නේ මෙම මිල පරාසයන් ඇස්තමේන්තුගත වන අතර, වෙළඳසැල් අනුව මිල වෙනස් විය හැකි බවයි.

ඔබ මිලට ගන්නා භාණ්ඩ මේ පරාසයට අනුකූලද? මිල වැඩි නම් පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දීම ඔබගේ වගකීමයි!

Shares: