K-pop ලෝකයේ අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි BTS, 2026 American Music Awards (AMAs) උළෙලේදී “විශේෂ සහභාගීත්වයක්” ලබා දෙන බව සංවිධායකයින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙවර BTS සම්මාන තුනක් සඳහා නම් වී ඇති අතර,
ඒ අතර වසරේ කලාකරුවා සම්මානය ද ඇතුළත් බවයි සඳහන් වන්නේ. මේ සඳහා ඔවුන් Bad Bunny, Lady Gaga, Taylor Swift, Justin Bieber වැනි ලෝකප්‍රසිද්ධ තරු සමඟ තරඟ වැදීමට නියමිතයි.
ඔවුන්ගේ ජනප්‍රිය ගීතය “Swim”හරහා
Song of the Summer
Best Male K-pop Artist
සම්මාන සඳහා ද BTS නම් කර තිබෙනවා.
AMAs ඉතිහාසයේ BTSගේ විශේෂත්වය
2021 දී වසරේ කලාකරුවා සම්මානය දිනාගත් පළමු කොරියානු කණ්ඩායම බවට BTS ඉතිහාසගත වූ අතර, මේ දක්වා AMA ජයග්‍රහණ 11ක් හිමිකරගෙන තිබෙනවා.
නවතම ඇල්බමය “Arirang”
Billboard 200 හි අංක 1 ස්ථානයෙන් ආරම්භ වී සති තුනක් එම ස්ථානයේ රැඳී සිටි අතර, ප්‍රධාන ගීතය “Swim” Billboard Hot 100 හි ඉහළින්ම සිටිනවා.
BTS මේ වනවිට ඔවුන්ගේ Arirang ලෝක සංචාරයේ යෙදී සිටින අතර, දෙසැම්බර් මාසයේදී සිංගප්පූරුවේ රාත්‍රී හතරක් රඟ දැක්වීමට ද නියමිතයි.
තවත් විශේෂයක් ලෙස, ජූලි 19 වනදා ලෝක කුසලාන අවසන් තරඟයේ පළමු අර්ධ කාලීන සංදර්ශනයේ BTS, Madonna සහ Shakira සමඟ සම-ප්‍රධානියා ලෙස රංගනයක් ඉදිරිපත් කිරීමට ද සූදානම්!
2026 AMAs මැයි 25 වනදා MGM Grand Garden Arena හිදී පැවැත්වෙන අතර, එය Queen Latifah විසින් සත්කාරකත්වය දරනු ලබනවා.











