දේශීය

ශ්‍රී ලංකාවේ උද්ධමනය යළි ඉහළට!

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත උද්ධමන අනුපාතය 2026 මාර්තු මාසයේ 2.4% සිට අප්‍රේල් මාසයේදී 4.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩයේ උද්ධමනයත් ඉහළට

මාර්තු මාසයේ 0.7% ලෙස පැවති ආහාර උද්ධමනය, අප්‍රේල් මාසයේදී 1.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ තත්ත්වය තවත් දැඩි වෙයි.

මාර්තු මාසයේ 3.8% ලෙස වාර්තා වූ උද්ධමනය, අප්‍රේල් වනවිට 7.8% දක්වා ඉහළ ගොස් ඇති බව දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට, ජන ජීවිතයේ වියදම් වැඩිවීමට සහ ආර්ථික පීඩනය තවදුරටත් වැඩිවීමට හේතු විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Shares: