කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව, නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා.
වැසි ඇති විය හැකි ප්‍රදේශ ලෙස,
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක
මෙම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි බලාපොරොත්තු වන්නේ.
තද වැසි අවදානම
බටහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.
පස්වරු කාලයේ වැසි,
අනුරාධපුර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල
පස්වරු 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
තරමක් තද සුළං පිළිබඳ අවවාදය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක් තද සුළං ඇති විය හැකියි.
අකුණු සහ ගිගුරුම් සමඟ වැසි ඇති විට…
ආරක්ෂිත ස්ථානයකට යන්න
ගස් යට රැඳී නොසිටින්න
විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන්න
තද වැසි, සුළං සහ අකුණු පිළිබඳ අවදානයෙන් සිටින්න – ඔබේ ආරක්ෂාව ඔබ අතේ!











