කාළගුණය

අත්තනගලු ඔය ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කරයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇති බවයි.

අවදානමට ලක්විය හැකි පිරිස්, අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම්වල ජීවත් වන ජනතාව, ගංවතුරට ගොදුරු විය හැකි මාර්ග හරහා ගමන් කරන රියදුරන් සියලු දෙනාට දැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ,
ගංවතුර අවදානම තවදුරටත් පවතින බැවින් අවශ්‍ය පූර්වාරක්ෂාව ගැනීම අත්‍යවශ්‍ය බවයි.

ආපදා කළමනාකරණ බලධාරීන්ට ද උපදෙස්

අවදානම් ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබ පහත් බිම් ප්‍රදේශයක සිටිනවා නම්…
අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානම්ව සිටින්න
ගංවතුර ජලය සහිත මාර්ග භාවිතයෙන් වළකින්න
නිල දැනුම්දීම් පිළිබඳ අවධානයෙන් සිටින්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *