කාළගුණය

රට පුරා නායයෑම් අවදානම දැඩිවෙයි! NBRO දිස්ත්‍රික්ක 6කට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

රට පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 6කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

3 වන මට්ටම – ඉවත් කිරීමේ රතු අනතුරු ඇඟවීම
කෑගල්ල දිස්ත්‍රික්කය – දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට
රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැලියගොඩ, කුරුවිට, අයගම, රත්නපුර

2 වන මට්ටම – නායයෑම් අනතුරු ඇඟවීම
කොළඹ – සීතාවක, පාදුක්ක
ගම්පහ – අත්තනගල්ල
කළුතර – බුලත්සිංහල, හොරණ, ඉංගිරිය, පාලින්දනුවර
කෑගල්ල – යටියන්තොට
රත්නපුර – පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන, නිවිතිගල

1 වන මට්ටම – අවධානයෙන් සිටින්න
ගම්පහ – මීරිගම, දිවුලපිටිය
කළුතර – අගලවත්ත, මතුගම
කෑගල්ල – බුලත්කොහුපිටිය
නුවරඑළිය – අඹගමුව

ඔබ මේ ප්‍රදේශවල හෝ අවට සිටින අයෙක් නම් නම්…
පස් කඳු කඩා වැටීමේ ලකුණු ගැන සැලකිලිමත් වන්න
අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානම් වන්න
නිල දැනුම්දීම් පිළිබඳ අවධානයෙන් සිටින්න
අවදානම් ස්ථානවල ගමන් කිරීමෙන් වළකින්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *