කාළගුණය

නිරිතදිග මෝසම් වැසි දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

ශ්‍රී ලංකාව පුරා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

වැසි අපේක්ෂා කරන ප්‍රදේශ ලෙස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

තද වැසි අනතුරු ඇඟවීම,
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

අනෙකුත් ප්‍රදේශ,
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.

තද සුළං
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක් තද සුළං ඇති විය හැකියි.

මහජනතාවට දැනුම්දීම
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල අකුණු හා තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *