විදෙස්

සඳට යන තරඟය උණුසුම් වෙයි – චීනයේ නව අභ්‍යවකාශ මෙහෙයුම ලෝකයේ අවධානයට!

චීනය තම ෂෙන්ෂෝ-23 (Shenzhou-23) අභ්‍යවකාශ යානය මගින් ගගනගාමීන් තිදෙනෙකු සාර්ථකව ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු වසරක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිටීමට නියමිතවීම විශේෂ අවධානයට ලක්ව තිබෙනවා. මෙය චීනයේ මෙතෙක් දීර්ඝතම මානව අභ්‍යවකාශ මෙහෙයුම් අතර එකක් ලෙස සැලකෙනවා.

රාත්‍රී 11:08 ට දියත් වූ මෙම මෙහෙයුම, වයඹදිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long March-2F Y23 රොකට්ටුව මගින් සිදු කෙරුණා.

මෙහෙයුමේ විශේෂත්වය වන්නේ
මෙම කාර්ය මණ්ඩලයට එක්ව සිටින ලී ජියායිං, හිටපු හොංකොං පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර, චීන අභ්‍යවකාශ මෙහෙයුමකට එක්වූ හොංකොං නගරයේ පළමු ගගනගාමියා ලෙස ඉතිහාසගත වීමයි. ඔහු සමඟ ෂු යැංෂු සහ ෂැං යුවාන්ෂි ද මෙම ගමනට එක්ව සිටිනවා.

2030 සඳ ගමනේ ඉලක්කය
චීනයේ අභ්‍යවකාශ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ 2030 ට පෙර මිනිසුන් සහිත සඳ ගොඩබෑමක් සිදු කිරීමයි. එය සාර්ථක වුවහොත්, 2035 වන විට රුසියාව සමඟ එක්ව සඳ මත ස්ථිර කඳවුරක් පිහිටුවීමේ ඉලක්කයද ශක්තිමත් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

චීනය vs ඇමරිකාව – සඳට යන තරඟය
නාසා ආයතනය 2028 දී Artemis වැඩසටහන යටතේ සඳ මත මිනිසුන් ගොඩබෑමට උත්සාහ කරන අතර, චීනයද තම 2030 සඳ මෙහෙයුම සඳහා නව රොකට්, අභ්‍යවකාශ යානා සහ ලෑන්ඩර් පද්ධති වේගයෙන් සංවර්ධනය කරමින් සිටිනවා.

අභ්‍යවකාශයේ මානව ජීව විද්‍යා පර්යේෂණ
මෙම ෂෙන්ෂෝ-23 මෙහෙයුමේදී විද්‍යාඥයින් විකිරණ නිරාවරණය, අස්ථි ඝනත්වය අඩුවීම, මානසික ආතතිය සහ දිගුකාලීන අභ්‍යවකාශ ජීවිතයේ ශාරීරික බලපෑම් අධ්‍යයනය කිරීමට නියමිතයි.

විශේෂයෙන්, මිනිස් “කෘතිම කළල” අත්හදා බැලීමක් ද ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදු කෙරෙමින් පවතින බව වාර්තා වන අතර, එය අනාගතයේ අභ්‍යවකාශයේ මිනිසුන්ගේ දිගුකාලීන පදිංචිය හා ප්‍රජනනය පිළිබඳ පර්යේෂණ සඳහා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *